Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124

අද අපි කතා කරන්නෙ තවත් බුද්ධිමත් බව්වො පිරිසක් වෙච්ච සයිබීරියන් හස්කිල(Siberian Husky)ගැන. මෙයාලා හුඟක් වේගවත්, වෘකයින්ගෙ රූපයට හුඟක් ම සමානකම් දක්වන බව්වො ජාතියක්. ලෝකයේ පැරණිතම සුනඛ වර්ග අතරින් එකක්වන මෙයාලා, හුඟක් ක්‍රියාශීලී, සෙල්ලමට කැමති, මිනිස්සුන්ට හුඟක් උදව් උදව් කරන බව්වො වර්ගයක් කියලත් හඳුන්වලා දෙන්න පුලුවන්
. ඒ වගේම, සයිබීරියන් හස්කි(Siberian Husky) කියන්නෙ ලෝකයෝ හුඟක් මිල අධික ම ඩෝග් බ්රිඩ් එකක්. විශේෂයෙන් ම, ලෝකෙ ධනවතුන් හුඟක් ම වෙලාවට සයිබීරියන් හස්කිලාව හදන්නෙ තමන්ගෙ ධනවත්කම ප්‍රදර්ශනය කරන්න කියලා තමයි කියන්නෙ. ඒ කෙහොම උනත්, හුරතලයට හදන්නත් සයිබීරියන් හස්කි කියන්නෙ හොඳ ම හොඳ ඩෝග් බ්රිඩ් එකක්.
සයිබීරියන් හස්කිලාගෙ(Siberian Husky) ඉතිහාසය ගැන හොයලා බලද්දි මෙයාලගෙ නිජබිම වෙන්නෙ ඊසානදිග සයිබීරියාව. සුනඛයින් සෘජුව ම වෘකයින්ගෙන් පරිණාමය වුණු බවට හොඳ ම සාක්ෂිය හස්කි කියලයි විද්‍යාඥයො කියන්නෙ. ඒකට හේතුව තමයි මෙයාලාගෙ පෙනුම හා ගති ලක්ෂණ හුඟක් දුරට වෘකයින්ට සමාන වෙලා තිබීම. American Kennel Club (AKC) මඟින් මොවුන් ව සුනඛ වර්ගයක් ලෙස ලියාපදිංචි කරලා තියෙන්නේ 1930 දි. ඒ වගේ ම යි Arctic Husky ලෙස හඳුන්වමින් සිටි මේ සයිබීරියන් හස්කියලා ව සයිබීරියන් හස්කි කියන නමින් හඳුන්වන්න පටන් ගත්තේ 1991න් පසුව බවයි වාර්තා වෙන්නෙ.
සයිබීරියන් හස්කිලාට(Siberian Husky) උපතින් ම ද්විත්ව ලෝම ස්ථරයක් පිහිටලා තියෙනවා. අනිත් සුනඛයින්ට වඩා එය ඝනකම් ව පිහිටලා තියෙනවා වගේ ම, මේ ස්ථර දෙක කෙටි ලෝම ආවරණයකින් හා දිගු ලෝම ආවරණයකින් යුක්ත වෙනවා. ඝන, ලෝම සහිත ශරීරයක් තියෙන්නෙ. ඒ නිසා මෙයාලට ඕනෑ ම අධික සීතල පරිසරයක ජීවත්වෙන්නත් පුලුවන්. හස්කිලාගෙ වල්ගයේ ලොම් බහුලව දක්නට ලැබෙනවා. ඒ වගේ ම, වසරකට වරක් මෙයාලගෙ ලොම් ගැලවී යාමත් සිදුවෙනවා. මේ නිසා ම මෙයාලාව හොඳින් නාවලා ලොම් හොඳින් බලාගන්නත් අවශ්‍ය වෙනවා.
හස්කි බව්වන්ට මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් තියෙන්නෙ. හස්කි පිරිමි බව්වොන්ගෙ උස අඟල් 20ත් 24ත් අතර ප්‍රමාණයකුත්, හස්කි ගැහැණු බව්වොන්ගෙ උස අඟල් 20ත් 22ත් අතර ප්‍රමාණයක් ගන්නවා. මෙයාලාගෙ බර ගැන කතා කළොත්, හස්කි පිරිමි බව්වෙක් සාමාන්‍යයෙන් 20Kg- 27Kgත් අතර ප්‍රමාණයකුත්, ගැහැණු බව්වෙක් 16Kg- 23Kg අතර බර ප්‍රමාණයකුත් ගන්නවා.
කලින් කිව්වා වගේ ම, මෙයාලාට ටිකක් වෘකයින්ට සමාන පෙනුමක් තමයි තියෙන්නෙ. සාමාන්‍යයෙන් මෙයාලා Black & White, Copper-red & White, Gray & White, Pure white යනාදී වර්ණවලින් දක්නට ලැබෙන අතර ම, හස්කි බව්වොන්ගෙ ඇස් නිල් හෝ දුඹුරු පාට ගන්නවා.
දිවීමට සහ බර ඇඳීමට ගැලපෙන විදිහටයි හස්කි බව්වොන්ගෙ ඉදිරි පාද නිර්මාණය වෙලා තියෙන්නෙ. හරි ම වේගවත් බව්වෙක්වන මෙයාලගෙ ආයු කාලය අවුරුදු 10- 15ක් වගේ වෙනවා.
මිනිස් ඉතිහාසය පුරා ම මිනිස්සුන්ට හුඟක් උදව් කරපු බව්වෙක් තමයි හස්කි කියන්නෙ. උතුරු අර්ධගෝලයේ සිදුකෙරෙන ගවේශනවල දී අදටත් මෙයාලා මිනිස්සුන්ට හුඟක් උදව් උපකාර කරනවා. දෙවෙනි ලෝක යුද්ධ සමයේ දී ත් ඇමෙරිකානු හමුදාවේ ආර්ක්ටික් ජීවිතාරක්ෂක ඒකකයේ (United States Army’s Arctic Search and Rescue Unit) සහයට මෙයාල ව යොදාගත්තා කියලා ඉතිහාස වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ ම, මුල් යුගයෙ ඉඳලා ම හිම කරත්ත අදින්නත් යොදාගෙන තියෙන මේ හස්කිලා අදටත් සීතල රටවල හිම ක්‍රීඩා සඳහා යොදාගන්නවා.
ඒ වගේ ම, සයිබීරියන් හස්කි(Siberian Husky) කලහකාරී බවක් නැති, හරිම මිත්‍රශීලී බව්වෙක් කියන්නත් පුලුවන්. මොකද, මෙයාලාව යාලුකරගන්න එක පාරක් අතගෑවත් හොඳට ම ඇති. ඒ නිසා මෙයාව ආරක්ෂකයෙක් විදිහට ඇති කරන්න නම් ඒ තරම් ම ගැලපෙන්නෙ නැහැ.
හස්කිලා හුඟක් ම ආස කරන දෙයක් තමයි පූසෝ, ලේන්නු වගේ සත්තු පස්සෙ එලවන් යන එක. හැබැයි පොඩි කාලෙ ඉඳලා හරියට පුහුණු කරලා හැදුවොත් නම් මෙයාලා එක්ක වෙනත් ඕනෑ ම සුරලත් සතුනුත් හදන්න පුලුවන්කම තියෙනවා.
හස්කි කියන්නෙ තමන්ගෙ ස්වාමියට හරි ම ආදරේ කරන බව්වො විශේෂයක්. මෙයාලා හුඟක් කැමතියි ස්වාමියා එක්ක ස්වාමියගෙ ඇදේ නිදාගන්න. ඒ වගේ ම, හස්කි කියන්නෙ හරි ම කලාතුරකින් බුරන බව්වො බ්රිඩ් එකක්. හැබැයි නිතර ම උඩු බුරන එක නම් හස්කිලාගේ විනෝදාංශවල උඩින් ම තියෙන දෙයක්.
වැටවල්වලින් පැනලා යන්නත් හස්කිලා හරි ම දක්ෂයි වගේ ම උනන්දුයි. ඒ නිසා හස්කියෙන් ඇති කරන්න නම් අඩි හයක වැටක්වත් තියෙන නිවසක් සහ වත්තක් අවශ්‍ය බව සුනඛ සංවිධාන නිර්දේශ කරලා තියෙනවා.
හස්කි බව්වොන්ට උකුල් ආබාධ ඇති වීම ඉතාමත් අවමයි. හැබැයි මෙයාලට අක්ෂි ආබාධ, ස්වරාලය ආශ්රිත ආබාධ, ආමාශයික රෝග ආදී රෝග වැළදීමේ ප්‍රතිශතය හුඟක් වැඩියි.
හස්කි කියන්නෙ අඩු ආහාර ප්‍රමාණයක් ලබාගෙන උනත් අපහසුවක් නැතුව ජීවත්වෙන්න පුලුවන් බව්වො ජාතියක්. ඒ උනත් හස්කිලාට නියම වශයෙන් ආහාර නොලැබුණොත් නම් එයාලාගෙ සෞඛ්‍යසම්පන්න ප්‍රමාණයට තියෙන්න ඕනි උස සහ බර වර්ධනය වෙන්නෙ නම් නැහැ. මෙයාලා හුඟක් ම කැමතියිලු කුකුළු මස්වලට.
හස්කිලාගෙ ව්‍යායාම ගැන කිව්වොත්, හස්කි කියන්නෙ කොහොමත් ක්‍රියාශීලී බව්වො ජාතියක්. මෙයාලා එක තැනක ඉන්න ඒ තරම් කැමැත්තක් නැහැ. ඒ විතරක් නෙමෙයි, හස්කි කියන්නෙ තනියම ඉන්න කැමති නැති බව්වෙක්. එයාලට කවුරුත් ම නැතිව තනිවම ඉන්න පුලුවන් උපරිම පැය ගාන පැය 5ක් විතරයි. විශේෂයෙන් ම හස්කි බව්වෙක් ව ඔයාගෙ හුරතලා විදිහට හදන්න බලාපොරොත්තු වෙනවා නම් මතක තියාගන්න ඔයා හුඟක් ක්‍රියාශීලී, එළිමහනෙ ඇවිදින්න කැමති කෙනෙක් වෙන එක නන් අනිවාර්ය යි. මෙයාලාට දවසකට පැය ½ක් හෝ පැයක් විතර කාලයක් ව්‍යායාම කරවීම අනිවාර්ය වෙනවා.
හස්කි බව්වොන්ගෙ තියෙන තවත් විශේෂ ම දෙයක් තමයි මෙයාලට අනිත් බව්වොන්ට සාපේක්ෂ ව ජලය නොමැති ව පැය ගණනක් විශාල දුරක් දුවන්න පුලුවන් වීම.
හස්කියෙක් පුහුණු කරන්න නම් හරි ම අමාරියි. හැබැයි වෙනත් වර්ගවල ඩෝග් බ්රිඩ් පුහුණු කරපු කෙනෙක්ට නම් ඒක ඒ තරම් ම අමාරු නැහැ.ඒ නිසා හස්කි බව්වෙක් තමන්ගෙ හුරතලා විදිහට හදන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාට හුඟක් මහන්සි වෙන්න වෙනවා.
හස්කි කියන්නෙ හරි ම සෙල්ලක්කාර බව්වො වර්ගයක්. ඒ නිසා පුංචි ළමයි ඉන්න ගෙදරක හුරතලෙක් විදිහට බව්වෙක් තෝරනවා නම් මේ හස්කි බව්වො ඒකට සුදුසුයි. මුළු දවස ම කිසිම මහන්සියක් නැතුව සෙල්ලම් කරන්න, දුවන්න, පනින්න එයාලා හරි ම කැමතියි. ඒ වගේ ම, හස්කි කැමතියි එයා දුවනකොට, ඇවිදිනකොට මොකක් හරි පොඩි බරක් එක්ක ඇවිදින්න.
මන් කලිනුත් කිව්වා වගේ හස්කි කියන්නෙ බුද්ධිමත් බව්වො වර්ගයක්. ඒ වගේ ම, මෙයාලට සහජයෙන් ම ආරක්ෂණ බුද්ධියක් හිමි වෙලත් තියෙනවා. ඒ නිසා ඔබ හස්කියෙක් ඔයාගෙ පවුලෙ ඇති කරනවා නම් ආරක්ෂාවට කියලා එයාව දම්වැලකින් ගැටහගන්න නම් හදන්න එපා. මොකද, ඒකෙන් එයාලාගෙ ආරක්ෂණ සහජ බුද්ධිය අවම වෙලා යනවා කියලා සමහරු කියනවා.
හස්කි පැටියෙක් ලංකාවේ මිලට අනුව, රුපියල් 50,000ත් ලක්ෂයක් අතර මිලකට ගන්න පුලුවන් උනත්, පියෝ බ්රිඩ් එකක් නම් මිල ඊට වඩා හුඟක් ඉහළ යනවා. මොකද, හස්කි කියන්නෙ ලෝකෙ ඉන්න මිල අධිකම බව්වො විශේෂයක් නිසා. හස්කි බව්වෙක් වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් සහ එයාව නිසියාකාර ව රැකබලාගන්න පුලුවන් කෙනෙක් නම් ඔබට තමන්ගෙ සුරතලා විදිහට සයිබීරියන් හස්කි ව කිසිඳු පැකලීමකින් තොර ව තෝරගන්න පුලුවන්.
මේ විදිහට තවත් ඩෝග් බ්‍රීඩ් එකක් එක්ක ආයෙමත් අපි හමුවෙමු.