Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124

අපි කලින් ලිපියකින් කතා කලා අපේ බවු යාලුවොන්ට ආරක්ෂිත කෑම වර්ග ගැන. ඒ ගැන විස්තර මෙතනින් බලන්න පුලුවන්. ඉතින් අද අපි කතා කරන්න අපේ බවුවන්ට නොදිය යුතු ආහාර වර්ග ගැන. මේ ආහර වලින් නරක බලපෑමක් මිනිස්සු වුන අපිට නැහැ. හැබැයි බවුවො අපිට වඩා වෙනස්නේ. ඒ නිසා අපි අද කතා කරන ආහාර වර්ග ඔයාගේ බවුවට දෙන්න කලින් ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද මේ ආහාර දීම නිසා ඔයාගේ බවුවා ලෙඩ වෙන්න පුලුවන්.
ඔයා හිතනවනම් ඔයාගේ බවුවා විස සහිත මොනවා හරි ආහාරයට ගත්තා කියලා, ඉක්මනින් පශු වෛද්යයවරයෙකුගෙන් උපදෙස් ගන්න.
අලිගැටපේර වල අඩංගු වෙනවා පර්සින්(Persin) කියන ද්‍රව්‍යයක්. ඒක බවුවොන්ට විස වෙන්න පුලුවන්. එහෙම විස උනොත් ඔයාගේ බවුවට වමනය සහ පාචනය වගේ රෝග ගත්වයන් ඇති වෙන්න පුලුවන්.
චෙරි වල සයනයිඩ්(cyanide) සුලු ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේක මනුෂ්‍යය අපට විස නොවුනාට බවුවන්ට සහ අනිත් සමහර සුරතලුන්ට විස වෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මෙයාල චෙරි ගෙඩියක් ගිල්ලොත් ඒකෙන් එයාලගේ ස්වසන මාර්ගය අවහිර වෙලා හුස්ම ගන්න අපහසු වෙන්න පුලුවන්. ඒ වගේම එහෙම ගිලුනොත් බවුවන්ගේ බඩවැල් පවා අවහිර වීමේ අවධානමක් තියෙනවා.
කවදාවත් චොකලට්, කෝපි හෝ කැෆේන් අඩංගු කිසිම ආහාරයක් බවුවොන්ට දෙන්න එපා. මේවගේ තියෙනවා methylxanthines කියන රසායන ද්‍රව්‍ය(chemical). මේ රසායන ද්‍රව්‍ය බවුවොන්ට අතිශයින්ම විස සහිතයි. මේ විස ද්‍රව්‍ය නිසා බවුවොන්ට වමනය, හදවතේ ස්පන්ධන වේගයේ සංකූලතා, කම්පනයන් සහ අවාසනාවත විදිහට මරණය පවා අත්වෙන්න පුලුවන්.
බවුවොන්ටම හදපු චොකලට් වර්ග තියෙනවා. ඒවගෙ මේ විස chemical ඉවත් කරලා හදලා තියෙන නිසා බවුවොන්ට හානියක් වෙන්නෙ නැහැ.
මිදි සහ වියළි මිදි බවුවොන්ට අතිශයින්ම විස සහිතයි. පොඩි ප්‍රමාණයකින් පවා වකුගඩු අක්‍රීය වෙන්න පුලුවන්. ඒ වගේම අවාසනාවන්ත ලෙස මරණය පවා ගෙන දෙන්න පුලුවන්. ඒ නිසා පලතුරක් වුනත් මේ කෑමනම් බවුවොන්ට කොහෙත්ම දෙන්න එපා.
දොඩම්, ලෙමන්, දෙහි වගේ ඇඹුල් සහිත ආහාර වල සිර්ට්රික්ට් අම්ලය(Citric acid) අඩංගු වෙනවා. හොඳින් පොතු අයින් කරපු දොඩම් වගේ ආහාර කුඩා ප්‍රමාණයක් සමහර බවුවොන්ට දුන්නට ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙන්න පුලුවන් හැබැයි ගොඩක් වෙලාවට එයාලගේ බන්ඩියට ඒක හොඳ වෙන්නෙ නැහැ. ලොකු ප්‍රමාණයක් කිසිසේත්ම දෙන්න එපා. ඒකට හේතුව ඒකෙන් අපේ බවුවොන්ගේ ස්නායු පද්ධතිය ආතතියට පත්වෙන්න පුලුවන්. (Nervous system depression).
කුරුඳු විස සහිත නොවුනත්, ලොකු ප්‍රමාණයක් දෙන එක බවුවොන්ගේ ශරීරයට එච්චරම හොඳ නැහැ. එහෙම දුන්නොත් එයාලට වමනය, පාචනය සහ අක්මාව ආශ්රිත රෝග ඇති වෙන්න පුලුවන්.
බවුවොන්ට පොල් වතුර දීමෙන් වලකින්න ඕන. ඒකට හේතුව පොල් වතුර වල අධික පොටෑසියම්(Potassium) ප්‍රමාණයක් අඩංගු වීමයි. ඒ වගේම පොල් තෙල් සහ පොල් කැබලි දෙන එකත් අඩු කරන්න ඕන. මොකද ඒවා නිසා බවුවගේ බන්ඩිය ලෙඩ වෙලා පාචන තත්වයන් ඇති වෙන්න පුලුවන්.
අපි ආදරේට සමහර වෙලාවට බවුවොන්ට අයිස් ක්‍රීම් දෙනවා. හැබැයි අද ඉදන් ඒදේ කරන්න එපා. අයිස් ක්‍රීම් වල ලොකු සීනි ප්‍රතිශතයක් අඩංගු වෙනවා. අපි දන්නවනේ සීනි කියන්නෙ මිනිස්සු උන අපිටත් එච්චර හොඳ කෑමක් නෙවෙයි කියලා. ඉතින් බවුවොන්ටත් ඒක ඒ විදිහටම බලපනවා. අපි දන්නවා අයිස් ක්‍රීම් කියන්නෙ කිරි සහිත ආහාරයක්. මේ කිරි වල අඩංගු වෙන ලැක්ටෝස්(lactose) සමහර බවුවොන්ට දිරවගන්න බැරි තත්වයක් එනවා. ඒ නිසාත් අපි බවුවොන්ට අයිස් ක්‍රීම් දීමෙන් වැළකෙන්න ඕන.
මේ ලූණු සහ සුදු ලූණු අයත් වෙන්නේ ඇලියම් කුලයට(Allium genus). ඉතින් මේ කුලකයේ ශාකවල organosulfoxides කියන ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේ ද්‍රව්‍ය බවුවොන්ට විසයි. ඒ නිසා වමනය, පාචනය සහ බඩේ අමාරුව ඇති වෙන්න පුලුවන්. ඒ වගේම බවුවොන්ගේ ලේ මට්ටමට බලපෑමක් ඇති වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්නයක් එයි එතකොට ගෙදර හදන කෑම වල ලූණු සහ සුදු ලූණු තියෙනවනේ කියලා. ඉතා කුඩා ප්‍රමාණයක් බවුවොන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා.
අමු මස් වල Escherichia coil සහ Salmonella තියෙනවා. මේවා බැක්ටීරියා වර්ග වලට අයත් වෙනවා. ඒ නිසා බවුවොන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් ආහර විස වීම වෙන්න පුලුවන්. හොඳින් පිසින ලද මස් වල මේ බැක්ටීරියා විනාශ වෙනවා. සමහර ආහාර නිශ්පාදකයන් අමු මස් වර්ග හොඳයැයි ප්‍රචාරය කරනවා ඒ එයාලගේ නිශ්පාදන වල ඒවා අඩංගු වෙන නිසයි. ඉතින් අපි තේරුම් ගන්න ඕන අමු මස් වර්ග වල තියෙන බලපෑම.
නොපිසින ලද බිත්තර එහෙමත් නැත්නම් අමු බිත්තර, බවුවන්ගේ ශරීරයේ බයොටින්(Biotin) හිඟතාවයන් ඇති කරන්න හේතු වෙනවා. එහෙම අඩු උනොත් ඒක බවුවොන්ගේ හමට සහ එයාලාගේ ලොම් වලට ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.
ගොඩක් ලුණු සහිත ආහාර නිසා බවුවොන්ට තිබහ සහ මුත්‍රා පිට කිරීමේ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. ඒ වගේම සෝඩියම් අයන(Sodium ion) විස වීමක් වුණත් වෙන්න පුලුවන්. මේ විස වීමෙදි ඇති වෙන ලක්ෂන මොනවද කියල අපි බලමු.
සයිලටෝල් කියන්නෙ සීනි ආදේශකයක්. අප භාවිතා කරන ආහාර වලට නිශ්පාදකයන් මේ ද්‍රව්‍ය අඩංගු කරනවා. කොහොම උනත් සයිලටෝල් බවුවන්ටනම් අතිශයින්ම විසයි. ඒකෙන් එයාගේ අක්මාව අක්‍රීය වෙන්න පුලුවන්. ඒ වගේම රුධිරයේ සීනි මට්ටම පහළ බහින්නත් පුලුවන්.
සමහර පුද්ගලයන් විනෝදයට වගේ එයාලගේ සුරතල් බවුවොන්ට alcohol වර්ග දෙනවා. ඔයා මේ ලිපිය කියවන කෙනෙක්නම් කවදාවත් ඒ වැඩේනම් කරන්න එපා. Alcohol කියන්නේ බවුවොන්ට අතිශයින්ම අහිතකර දෙයක්. Alcohol නිසා දරුණු සංකූලතා වගේම, බවුවන්ව කොමා තත්වයට පත්වීම හා මරණය පවා අත්වීමට ඉඩ තියනවා.
ඉතින් අද අපි කතා කලේ ඔයාගේ බවුවට අහිතකර ආහාර වර්ග ගැන. ලිපියේ මුලින් කිව්වා වගේම වැරදීමකින් හරි මේ ආහාර වර්ග ඔයාගෙ බවුවට කැවුනොත් වහාම පශු වෛද්‍යවරයාට කතා කරලා උපදෙස් ගන්න. මේ වගේම වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.
[…] ඇයි ඒ හොඳ නැති වෙන්නේ කියලා දැනගන්න මේ ලිපිය බලන්න. ඒ වගේම ඔයාගේ බවුවට හොඳ Dog food එකක් […]