Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124

අපි හැමෝම ආස ලෝකෙ පුරා ම ගොඩක් ප්‍රසිද්ධ හුරතල් පූවෝ වර්ගයක් තමා පර්සියන් පූසෝ -Persian Cat කියන්නෙ. දිගු ලොම් සහ කෙටි පාද මෙයාලගෙ හුරතල් පෙනුම වැඩි කරනවා වගේ පොඩි රාජකීය පෙනුමකුත් ඒකෙන් ලැබිලා තියෙනවා. බටහිර රටවල “Persian Longhair” කියලත් මැදපෙරදිග රටවල “Shirazi cats” කියලත් මෙයාලව හඳුන්වනවා.
මෙයාලව 1600 වගේ කාලයේ දී ඉස්සර පර්සියාව කියල හඳුන්වපු වර්තමාන ඉරානයේ ඉඳල කුරුස යුද්ධ සමයේ යුරෝපයට සංක්‍රමණය වුණා කියල තමයි කියන්නෙ. ඒ වගේ ම, ලෝකෙ තිබ්බ පළවෙනි ම cat show එකටත් සහභාගී වෙච්ච පූවෙක් තමයි මේ Persian cat.
Persian catලා වර්ග දෙකක් හඳුනගන්න පුලුවන්. ඒ තමයි,
Persian cat කෙනෙක්ගේ හැඩරුව ගැන කතා කරද්දි මෙයාලට තියෙන්නෙ පැතලි, රවුම් මුහුණක් වගේ ම ලොකු ඇස්.
Persian cat කෙනෙක් හදනකොට මෙයාලාගෙ ලොම්වලට විශේෂ අවධායක් දෙන්න වෙනවා. මොකද, මෙයාලාගෙ පෙනුමෙ තියෙන ආඩම්බරකාර ගතිය වගේ ම, රාජකීය ගතියටත් එයාලට තියෙන දිග, ඝනකම් ලොම් කබාය හේතුවක් වෙනවා. හැබැයි ඉතින් Persian පූවෙක්ගේ දිග ලොම් ගැන නන් හුඟක් ම සැලකිලිමත් වෙන්න ඕනි. ඒකට හේතුව තමයි හුඟක් දිග ලොම් නිසා ඉක්මනට ගැට ගැහෙන්න බලන එක. ඒ නිසා දවසකට අවම වශයෙන් එක පාරක්වත් මෙයාලව බ්‍රෂ් කරන්න කියලා තමයි පූ සංගම් යෝජනා කරන්නෙ. එහෙම නැත්තනම් ලොම් ගැට ගැහීමෙන් Persian Catලට ලොකු වේදනාවක් දැනෙනවලු. ඉතින් කවුරුත් කැමති නැහැනෙ තමන්ගෙ සුරතලා වේදනාවෙන් ඉන්නවට…
ඒ වගේ ම යි මෙයාලාව එළිමහනට යවන එක නම් ඒ තරම් ම සුදුසු නැ කියලා තමයි සමහරු කියන්නෙ. ඒකට හේතුවකුත් තියෙනවා. හුඟක් දිග ලොම් තියෙන නිසා හරි ම ඉක්මනින් දූවිලි තැවරෙන්නත්, කුණු ගෑවෙන්නත් තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා මෙයාලව දවසකට සැරයක් බ්‍රෂ් කරන්නත්, සති දෙකකට සැරයක්වත් නාවන්න කියල තමා කියන්නෙ.
Persian cat කෙනෙක්ගේ ලොම් සුදු, කලු, ක්‍රීම්, ටැබි, කැලිකෝ වගේ තනි පාට සහ මිශ්‍ර වර්ණ ගන්නවා. මෙයාලාගෙ ඇස් නිල්, කොළ, නිලට හුරු කොළ, හේසල් සහ තඹ වගේ පාටවලින් යුක්ත වෙනවා.
ලංකාවේ දී රුපියල් 50,000ත් 60,000ත් අතර මිලකට Persian පූවෙක්ව ගන්න පුලුවන්. හැබැයි මේ මිල එයාගෙ ඇස්වල පාට අනුව ටිකක් වෙනස් වෙනවා. මොකද සමහර Persian පූවොන්ට වර්ණ දෙකකින් ඇස් පිහිටන නිසා. ඉතින් Persian cat කෙනෙක්ගේ මිල වැඩි ම මෙන්න මේ විදිහට වර්ණ දෙකකින් ඇස් තියෙන අය. ඊට පස්සෙ Ocean blue ඇස් තියෙන පූවො මිල වැඩි වෙද්දි, Light blue color ඇස් තියෙන පූවො තුන් වෙනියට මිල වැඩි වෙනවා. අනිත් Persian පූවො හැමෝම එක ම මිලකට තමයි ලංකාවේ වගේ ම ලෝකයෙත් අලෙවි වෙන්නෙ.
Persian ගැහැණු පූවෙක්ගෙ බර 3Kg-5 Kgක් වගේත්, පිරිමි පූවෙක් 7Kg- 8Kg වගේ ප්‍රමාණයකුත් ගන්නවා. මෙයාලාගෙ දිග අගල් 14ක්, 18ක් වගේ වෙනවා.
සාමාන්‍යෙයන් අවුරුදු 12ත් 14ත් අතර කාලයක් තමයි Persian cat කෙනෙක් ජීවත් වෙන්නෙ. නමුත් අවුරුදු 21ක් වගේ ජීවත් වෙච්ච Persian catලත් ඕනි තරම් ලෝකෙ ඉන්නවා.
Persian cat කෙනෙක් ටිකක් ඉක්මනට ලෙඩ වෙන්න බලන පූවෝ ජාතියක්. මේකට හේතුව, මෙයාලගේ මූණෙ හැඩේ සහ කන්වල හැඩේ එහෙම රවුම් වෙන්න කරන මුහු කිරිම් සහ සමහර ජානමය දුර්වලතා. පර්සියන් පූවො අතර දකින්න පුලුවන් ලෙඩ රෝග කිහිපයක් ම තියනවා.
Polycystic kidney disease කියන රෝගය පර්සියන් පූවොන්ට වැළදෙන්න තියන සම්භාවිතාවය හොඳට ම වැඩියි. මේක ජානමය රෝගයක්. මේ නිසා Persian cat කෙනෙක්ගේ වකුගඩු එකක් හෝ දෙක ම දුර්වල වෙනවා. සාමාන්‍යයෙන් පූවන්ට අවුරුදු 7 – 10 වෙද්දි තමා මේ රෝග ලක්ෂණ පහළ වෙන්නෙ.
එයාලාගෙ පුංචි මොට්ට නහය ලස්සන උනාට පූවොන්ට කාලයත් එක්ක ශ්වසන අපහසුතා ඇතිවෙනවා. මේක එයාලගෙ රූපෙ වෙනස් කරන්න කරපු මුහු කිරීම්වල ප්‍රතිඵලයක්
ඒ විතරක් නෙමෙයි මෙයාලට ඇස් වල රෝග තත්වත් ඇති වෙනවා. මේකට ඇහි පිය බර වීම, ඉදිමීම, වැඩිපුර ඇස් තෙත්වීම වගේ රෝගත් අයත් වෙනවා. තවත් රොගී තත්වයක් විදිහට, බඩවැල්වල ගල් සහ බඩවැල්වල ආසාදන හඳුන්වලා දෙන්න පුලුවන්. ඒ වගේ ම, Hypertrophic cardiomyopathy කියන හදවතේ මාංශපේෂි මහත් වීමේ රෝගයත් Persian catලට හැදෙනවා.
මෙයාලා උෂ්ණත්වයට වැඩිපුර සංවේදී වීමක් දක්නට ලැබෙනවා. ඒ උනත් ඕනෑ ම පරිසර තත්වයක් යටතේ හදන්න පුලුවන් පූවො ජාතියක් විදිහටත් Persian catලාව හඳුන්වන්න පුලුවන්.
පර්සියන් පූවොන්ගේ කෑම ගැන කතා කළොත්, මේ පුවොන්ගෙ අයිතිකාරයොන්ට මෙයාලගෙ කෑම ගැන විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. මොකද, මෙයාල ගොඩක් ක්‍රියාශීලී නැති නිසා මෙයාලට අනවශ්‍ය විදිහට කන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේමයි දෙන කෑම ප්‍රෝටීන හා තන්තුවලින් වැඩි, පිෂ්ඨය අඩු ආහාර තමයි පර්සියන් පූවොන්ට දෙන්න ඕනි. හුඟක් ම, පූස් කෑම සහ මාලු දෙන එක හොඳයි කියලා තමයි කියන්නෙ නම්. ඒ වගේ ම, මෙයාලාගෙ දිග ලොම් කෝට් එක ලස්සනට තියාගන්නත් මේ කෑම වැදගත් වෙනවා. සාමාන්‍යෙයන් දවසකට ලොකු පූවෙක්ට නම් වේල් 3ක් කෑම දෙන්න ම ඕනි.
ව්‍යායාම කරන එක නම් මෙයාලා ආස ම නැති වැඩක්. ඒ වගේ ම, ව්‍යායාම කරවන එක අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ ගැන නම් පර්සියන් පූවොන්ගෙ අයිතිකාරයොන්ට කරදර වෙන්න ඕනි නැහැ. හැබැයි වරදවා වටහා ගන්න නම් එපා. මෙයාලා ව්‍යායාම කරන්න කැමති නැති, වැඩිය සෙල්ලමට බර නැති පූවෙක් උනත් මෙයාලත් ටිකක් සෙල්ලක්කාරයි. ඒක් ඕනි ම Persian cat අයිතිකාරයෙක් දන්නවා ඇති.
Persian cat කියන්නෙ මන් කලිනුත් කිව්වා වගේ හරි ම ආඩම්බරකාර පූවො ජාතියක්. හැබැයි මෙයාලා තමන්ගෙ අයිතිකාරයා එක්ක නම් හරියට හුරතල් වෙනවා වගේ ම, නිතර ම පුරු පුරු ගාන්නත් කැමති කට්ටියක්. මේ නිසා ම මෙයාලාට විවිධ අන්වර්ථ නමුත් හැදිලා තියෙනවා. Persian cat කියන්නෙ වැඩිය මියෑව් කියන්නෙ නැති හුඟක් නිශ්ශබ්ද පූවො ජාතියක්. ඕන ම දේකට ඇරෙන්න මියෑව් කියලා නිතර ම කෑගහන පුරුද්දක් මෙයාලාට නැහැ. මෙයාලා මියෑව් කියන්නෙ හුඟක් ම බඩගිනි උනහම තමයි.
මෙයාලා ගෙදර අයට උනත් සාමාන්‍ය ඇගෑලුම් කමක් තමයි පෙන්නන්නෙ.ඒ උනත් මෙයාලා නපුරු අය නම් නෙමෙයි. ඒ වගේ ම යි, පුංචි ළමයි එක්ක, ගෙදර ඉන්න අනිත් හුරතල් සත්තු එක්ක උනත් වැඩි මිත්‍රශීලී බවක් නම් මෙයාලාගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද Persian cat කියන්නෙ, හරි ම ආඩම්බරකාර පූවෙක් නිසා. හැබැයි ඒ ආඩම්බරකාර ගතියට ද නැත්නම් කම්මැලි කමට ද කියන්න නම් දන්නෙ Persian catල ම තමයි…
Persian catලගේ ආඩම්බරකාර ගතියයි රාජකීය පෙනුමයි නිසා ම ඉස්සර යුරෝපීය සමාජයේ උසස් පවුල්වල අය තමන්ගෙ උසස් බව පෙන්වීම සඳහා ම Persian catලා ව තමන්ගෙ සුරතලා විදිහට තෝරගෙන තියෙනවා. එංගලන්තයේ වික්ටෝරියා රැජිණත් Persian cat කෙනෙක්ගෙ අයිතිකාරියක් කියලා තමයි කියන්නෙ. ඒ කොහොම වුණත්, Persian catට ඒ තරම් මොළේ නම් නැහැලු. ඒ කියන්නෙ මෙයා හුඟක් බුද්ධිමත් නම් නැහැ කියන එක. මේකෙන් එයා මෝඩ පූවෙක් කියන එක නම් නෙමෙයි කියන්නෙ. Persian catලා වැඩිපුර ම කැමති ගේ ඇතුළෙ හරි ම සැප පහසු තැන්වල නිදාගන්න නිසා මඑළියට බහින්න, අනිත් සත්තු එක්ක එකට හැදෙන්න මෙයාලා දන්නෙ නැහැ. ඉතින් බව්වොන්ගෙන් කරදර වෙනවා කියලාවත් Persian catලා දන්නෙ නැ කියන එක තමයි මේ මොළේ නෑ කියලා කියනවයි කියන්නෙ.
පර්සියන් පූවෙක් අනිත් අයට වැඩි මිත්‍රශීලී බවක් පෙන්නුවෙ නැති උනත් මෙයාලා තමන්ගෙ ගෙදර අයගෙන් වැඩි අවධානයක් නම් බලාපොරොත්තු වෙනවා.
ඔයා බලාපොරොත්තු වෙන්නෙ වැඩි සද්දයක් නැති, දඟකාර නැති, ආඩම්බර රාජකීය පෙනුම තියෙන පූවෙක් නම් පර්සියන් පූවො තමයි ඔයාට ගැළපෙන ම පූවෝ ජාතිය. ඒ වගේ ම, ව්‍යායාමවලට කැමති නැති, එක තැන ම ඉන්න කැමති ඔයාටත්, බව්වෙක් හදාගෙන ට්‍රේන් කරන්න වෙලාවක් නැති කාර්යබහුල ඔයාටත් ගැළපෙන්නෙ ම මෙන්න මේ කියන Persian පූවො ම තමයි.
තවත් මෙවැනි ම වූ සුරතල් පූවො ගැන සම්පූර්ණ විස්තර දැනගන්න අපිත් එක්ක ම එකතු වෙලා ඉන්න….