Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124

බව් පරම්පරාවේ ඉන්න හුරතල් ම බව්වෙක් තමයි ගොල්ඩන් රෙට්‍රීවර්(Golden Retriever) කියන්නෙ. මෙයාලගෙ පෙනුම, ක්‍රියාශීලී බව වගේ ම, සෙල්ලමට හුඟක් ම කැමති, පීනන්න උපතින් ම හැකියාව අරන් එන බව් විශේෂයක් නිසාමයි මෙයාලා හුඟක් ම හුරතල් බව්වො පිරිසක් විදිහට හඳුන්වන්නෙ. KASL රෙජිස්ටර් කරපු පොඩි ගෝල්ඩන් රෙට්‍රීවර් බව්වෙක්ව රු. 40,000ත් රු. 70,000ත් අතර ගානකට දැන් ගන්නත් පුලුවන්.
මෙයා ස්කොට්ලන්ත බව්වෙක් කියලා තමයි පිළිගන්නෙ. හැබැයි පරණ පුරාවෘත්තයක් තියෙනවා ගෝල්ඩන් රෙට්රීවර්ලගෙ(Golden Retriever) පරිණාමය ගැන වෙනත් විදිහක. ඒ, ගෝල්ඩන් රෙට්‍රීවර් කියන්නේ සවුත් රුසියන් ඔව්චර්කා (South Russian Ovcharka) කියන විශේෂයෙන් පරිණාමය වෙලයි මෙයාලා හැදුනෙ කියලා. ඒත් මෙයාලා ස්කොට්ලන්ත බව්වො ටිකක් කියලා පිළිගන්න හුඟක් දෙනා කියන්නෙ නම්, මෙයාලව 18වන සියවසේ දී ස්කොට්ලන්තයේ හිටපු ට්වීඩ්මවුත් (Tweedmouth) කියන පුද්ගලයා විසින් ට්වීඩ් වෝටර් ස්පැනියල් (Tweed Water Spaniel) සහ ෆ්ලැට් කෝටඩ් රෙට්‍රීවර් (Flat-coated Retriever) කියන බව් විශේෂයන් මික්ස් කරලයි හැදුවෙ කියලා. හැබැයි දැන් නම් ලෝකයෙන් ට්වීඩ් වෝටර් ස්පැනියල්ලා (Tweed Water Spaniel) වඳ වෙලා ගිහින් හුඟක් කල්.
රෙට්‍රීවර් කියන්නෙ නැවත ගේනවා කියන එක. ට්වීඩ්මවුත් මෙයාලාව දෙමුහුම් මඟින් නිර්මාණය කරන්න ප්‍රධාන හේතුවත් ඔන්න ඕකයි. ඒ කියන්නෙ..ළඟ තියෙන ජලාශයට වැටෙන එයා දඩයම් කරන කුරුල්ලොන් ව අරගෙන එන්න තමයි ගෝල්ඩන් රෙට්රීවර්ලාව(Golden Retriever) නිර්මාණය කරලා තියෙන්නෙ. ඉතින් එයාට උපතින් ම පීනන්න පුලුවන් උනේ කොහොමද කියලා දැන් පැහැදිලියිනේ.. ගෝල්ඩන් එහෙම නැත්තන් රත්තරන් පාට කියන එක මේ බව්වොන්ගෙ වර්ණය එක්ක එයාලට ලැබිච්ච නමක්.
ගෝල්ඩන් රෙට්‍රීවර් බව්වෙක්ගෙ ආයු කාලය අවුරුදු 10ත් 15ත් අතර කාලයක් ගන්නවා. ඒ කියන්නෙ සුනඛ අවුරුදුවලින් නම් අවුරුදු 91ක් වගේ.
ගෝල්ඩන් රෙට්‍රීවර්(Golden Retriever) ගැහැණු බව්වෙක් අඟල් 20- 22ක් වගේ උස යනවා. එතකොට පිරිමි බව්වෙක් නම් සාමාන්‍යයෙන් අඟල් 22ත්- 24ත් වගේ ප්‍රමාණෙකට උස යනවා. ගැහැණු බව්වෙක්ගෙ බර 25- 32Kg ක් අතර ප්‍රමාණයක් වගේ ම, පිරිමි බව්වෙක්ගෙ බර 30-34Kg වගේ වෙනවා.
මෙයාලට තියෙන්නෙ දිග ෆර් එකක්. වැඩිපුර ම හීතලට හුරු පරිසරයක හැදෙන්න තමයි හුඟක් ම සුදුසු. එහෙම උනා කියලා රස්නෙ පැතිවල හදන්න බැරිකමක් නම් නැහැ. ගෙදර ෆෑන් එක දාලා මෙයාලව රස්නෙ පැතිවල උනත් හදන්න පුලුවන්කම තීනවා. ගෝල්ඩන් රෙට්රියෙක්ව(Golden Retriever) හදන අය අනිවාර්යයෙන් ම මෙයාලගෙ ෆර් එක ගැන නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. මොකද, මෙයාලාගෙ ලස්සන වැඩි වෙලා තීන්නෙ ම ඒ දිගට වැවෙන ෆර් එක නිසා. හැමදාම ලොම් පීරන එක නම් අනිවාර්යය යි. එහෙම නැත්තන් දිගට තීන රත්තරන් පාට ලෝම හරි ඉක්මනට ගැටගැහෙන්න පටන්ගන්නවා එයාගෙ දැඟලිල්ලත් එක්කම. සාමාන්‍යයෙන් මෙයාලගෙ ලොම් හැමදාම හැලෙනවා. ඒ වුණත් අවුරුද්දට දෙවතාවක් වගේ තමයි හුඟක් ම ලෝම හැලෙන්නෙ.
ඒ වගේ ම, මෙයාලගෙ ෆර් එකට යටින් හමට උඩින් කෝට් එකක් පිහිටනවා වතුරෙන් ආරක්ෂා වෙන්න. ඒක ලොකු බව්වෙක්ගෙ නම් කොට් දෙකක් වගේ වෙනවා. පුංචි කාලෙ නම් එක කෝට් එකයි. ඒකයි ගෝල්ඩන් රෙට්‍රීවර්(Golden Retriever) බව්වො වතුරෙ බැහැලා පීනලා දඟලලා ආවත් එයාලාගෙ හම හරි ම අඩුවෙන් තෙමිලා තියෙන්නෙ.
ගෝල්ඩන් රෙට්‍රීවර් බව් පැටියෙක්ට දවසකට 3 පාරක් 4 පාරක් වගේ කෑම දෙන්න ඕනි. හැබැයි, එයාලා ලොකු වෙද්දි නම් ඒක දවසකට කෑම කෝප්ප 2ක් 3 ½ක් වගේ ප්‍රමාණයක් තමයි දෙන්න ඕනි. ඒකත් එයාලගෙ බර අනුව වෙනස් වෙනවා. මේ කොහොම උනත් එයාලගෙ ව්‍යායාම නම් හරි විදිහයට කෙරෙන්නම ඕනි.
ඒ වගේ ම යි මෙයාලාව පුංචි කාලෙ ඉඳල ම ට්‍රේන් කරන්න ගන්න ඕනි. එතකොට එයාලට ඉක්මනට, ලේසියෙන් දේවල් තේරුම්ගන්න පුලුවන් වෙනවා. ලේසියෙන් ම ට්‍රේන් කරන්න පුලුවන් බව් විශේෂයක් තමයි ගෝල්ඩන් රෙට්‍රීවර් කියන්නෙ. ඒ වගේ ම, හොඳට ව්‍යායාම කරවන්නත් අමතක කරන්න නම් එපා. මොකද මෙයාලා හරි ඉක්මනට මහත් වෙන්න බලනවා. එහෙම හුඟක් මහත් උනොත් ඔයාගෙ ගෝල්ඩන් රෙට්‍රීවර් බව්ස්ට ලෙඩ ගොඩක් එන්න පුලුවන්. ඒ නිසා බඩ පිරෙන්න කන්න දෙන ගමන් ම ඇඟට දැනෙන්න හොඳට එක්සයිස් කරවන්න. ඒක එයාගෙ සෞඛ්‍යයට වගේ ම ඔයාගෙ සෞඛ්‍යයටත් හොඳයිනේ.
ගෝල්ඩන් රෙට්‍රීවර් කියන්නෙ උණූ වෙන සංවේදී හදවතක් තියෙන බව්වො ජාතියකට. ඒකයි හුඟක් රටවල අන්ධ හෝ ආබාධ සහිත අය තමන්ගේ සමහරක් වැඩවලට මෙයාලගෙ උදව් ගන්නත් යොමුවෙලා තියෙන්නෙ. ගෝල්ඩන් රෙට්රීවර්ලට හොඳ මොළයක් සහ හොඳ ඉවක් තියෙනවා කිව්වොත් හරි. මෙයාලගෙ මොළය දෙවෙනි වෙන්නෙ ජර්මන් ෂෙපර්ඩ්ලට විතරයි. ඒ වගේ ම මේ කියන ලක්ෂණ නිසා ම ගෝල්ඩන් රෙට්රීවර්ලාව අතීතයේ දී විවිධ රටවල දඩයම්කරුවො තමන්ගේ දඩයම් සඳහා උදව්කරගෙන තියෙනවා. අතීතයේ දී විතරක් නෙමෙයි වර්තමානේදීත් සමහර බලකායවල් මත්ද්‍රව්‍ය සෙවීමේ මෙහෙයුම්වලදී ගෝල්ඩන් රෙට්‍රීවර් බව්වොන්ගෙන් උදව්ගන්නත් යොමුවෙලා තියෙනවා මෙයාලගෙ තියුණු ඉව නිසා ම.
පුංචි ගෝල්ඩන් රෙට්රියො හරි ම හුරතල් වැඩ තමයි කරන්නෙ. තියෙන සෙල්ලමත් එක්ක මෙයාලගෙ හුරතල් ගතිය තවත් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නැ. ඒක මෙයාලාගෙ අයිතිකාරයො නම් හොඳට ම දන්නවා.
විශේෂ ම දේ තමයි ගෝල්ඩන් රෙට්‍රීවර් බව්වන්ව ආරක්ෂාව සඳහා හදනවට වඩා හොඳයි හුරතලේට හදන එක. මොකද, මෙයාලා හුඟක් ම සෙල්ලමට බර නිසා අඳුරන්නෙ නැති අය එක්ක වුණත් හරි ඉක්මනට යාලු වෙලා සෙල්ලම් කරන්න පුලුවන්.
ඒ වගේ ම, ගෙදර පුංචි ළමයෙක් ඉන්නවා නම් කිසිම බයක් නැතුව හදන්න පුලුවන් බව්වො විශේෂයක් තමයි ගෝල්ඩන් රෙට්‍රීවර් බව්වො. මොකද, සෙල්ලම් කරන්න වගේ ම, පුහුණුවක් එක්ක මෙයාලට පුලුවන් පුංචි ළමයි බලාගන්නත්. හරි ම පරිස්සමට. ඒ වගේ ම යි ගෙදර කිසිම පාලුවක් ඇති වෙන එකක් නම් නැ මේ බව්වෙක් ඉන්නකොට. ඒ තරම් දඟ වැඩවලට, හුරතල් වැඩවලට මෙයාලා හරි ම දක්ෂයි. පවුලෙ බව්වො විශේෂ අතරින් ගෝල්ඩන් රෙට්රීවර්ලා ලිස්ට් එකේ උඩින් ම ඉන්න බව්වො ජාතියක්. ඒ වගේ ම මෙයා ලෝකෙ අංක 1 කීකරු සුනඛයෙක්.
ඔයාලගෙ සුරතලුන් ගැන තවත් විස්තර දැනගන්න අපිත් එක්ක ම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.