පාර්වෝ ගැන හරියට දැනගමු – Parvo Virus

ඕනම බලු සුරතල් හිමිකරුවෙක් ඇසීමට බයම රෝගයක් තමයි පාර්වෝ – Parvo Virus කියන්නේ. ඔබත් බවු සුරතලකුගේ හිමිකරුවෙක් හෝ බවු පැටියෙක් හදන්න හිතන් ඉන්න කෙනෙක්ද? එහෙනම් බවුවන්ට ගොඩක් මාරාන්තික වෙන මෙම රෝගය ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙයි.

මොකක්ද මේ පාර්වෝ කියන්නේ? (What Is Parvo?)

පර්වෝ කියන්නේ “canine parvovirus” කියන වයිරසය නිසා බවුවොන්ට හැදෙන රෝගී තත්වය. මේ වයිරසය ගොඩක් ඉක්මනින් පැතිරෙනවා. තවත් පාර්වෝ හැදුන බව්වෙක්ගෙන් හරි, අඩුම ගානේ ඒ වයිරසය ගෑවුන කෙනෙක් (මනුෂ්‍යයෙක් වුනත් වෙන්න පුලුවන්), දෙයක්(කරපටි, සෙල්ලම් බඩු) වගේ ඕනම දේකින් මේ වයිරසය පැතිරෙන්න පුලුවන්. මේක කොච්චර මාරාන්තිකද කියනවානම් ඔයාගේ අංහින්සක සුරතලාට වේදනාත්මක මරණයක් උරුම කරල දෙන්න තරම් මේ වයිරසය දරුණුයි. ඉතින් මේ ගැන කලින්ම දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි. බය වෙන්න එපා මේ දරුණු ලෙඩෙන් ඔයාගේ සුරතලා බේරගන්නේ කොහොමද කියලා මේ ලිපිය කියෙව්වාම ඔයලාට ඉගෙන ගන්න පුලුවන් වේවි.

Parvo Virus

මර්ක් පශු වෛද්‍ය අත්පොතේ (Merck Veterinary Manual) කියන විදිහට මේ වෛරසය ප්‍රධාන වශයෙන්ම හානි කරන්නේ බවුවොන්ගේ උදරයට හා කුඩා බඩ වැලට. එහෙම ආසාදනය වුනාම මේ වයිරසය උදරයේ තියෙන සෛල විනාශ කරන්න පටන් ගන්නවා, අහාර ජීරණය වෙලා ශරීරයට උරාගැනීමට බාධා ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි මේ වෛරසය විටක බවුවොන්ගේ ඇට මිදුළු දක්වා පැතිරෙන්න පුලුවන්. ගොඩක්ම නරක අවස්තාවල හදවතටත් බලපෑම් වෙනවා.

බලු පැටවුන්ට පර්වෝ හැදෙන්න වැඩි අවධානමක් තියෙන්නේ ඇයි? (Why Do Puppies Get Parvo?)

සති 6 සිට මාස 6 දක්වා වයසැති බව් පැටවුන් ගොඩක් වෙලාවට පර්වෝ(Parvo Virus) රෝගයට ගොදුරු වෙනවා. බව් පැටවුන්ට සති 6, 8 සහ 12 යන වයස් කාල වලදී පාර්වෝ වලට එරෙහිව එන්නත් ලබා දෙන්න ඕන. එන්නත් තුනම විදිනකන් මෙයාලා රෝගයට ගොදුරු වෙන්න පුලුවන් සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා ඔයා බව් පැටියෙක්ගේ අයිතිකාරයෙක්නම් එයාව මේ කාලයේදී ගොඩාක් පරිස්සම් කරගන්න වෙනවා. මෙයාලගේ ආරක්ෂාව තවත් වැඩි කරන්න සති 14 ත් 16 ත් අතර වයසේදීපර්වෝ වයිරස් එන්නතක් ලබා දෙන්න ඕන.

මේ පාර්වෝ වයිරසය(Parvo Virus) හැම බව්වෙක්ටම එක වගේ අනතුරුදායක වෙන්නේ නැහැ. ඒක එකිනෙකාට වෙනස් වෙනවා. බොහෝ වෙලාවට ආතතියත්, වෙනත් ආසාදනයන් හෝ පරපෝෂිතයන් හේතුවෙනුත් මෙය ඇති වෙන්න ඉඩ තියෙනවා.

ඔයාලට ඉන්නේ පහළ ඉන්න බව් බ්‍රීඩ් එකකින් බව්වෙක්නම් ඔයාල ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ මොකද, මේ බ්‍රීඩ් වල අයට පර්වෝ වයිරසය(Parvo Virus) වැළදෙන්න තියෙනව අවස්තාව ගොඩක් වැඩියි.

  1. රොට්වයලර්ස්
  2. ඩොබර්මන් පින්චර්ස්
  3. ඇමරිකානු ස්ටැෆර්ඩ්ෂයර් ටෙරියර්ස්
  4. ඉංග්‍රීසි ස්ප්‍රින්ගර් ස්පැනියල්ස්
  5. ජර්මන් ෂෙපර්ඩ්
  6. ලැබ්රඩෝර් රිට්‍රීවර්

පර්වෝ හැදුනු බලු පැටවුන් එම වයිරසය අනිත් බව්වොන්ට බෝ කරන්න කොච්චර කාලයක් ගන්නවාද? (How Long Are Puppies With Parvo Contagious?)

වෛරසයට නිරාවරණය වෙලා දවස් 4 සිට 5 දක්වා කාලය තුළ බව් පැටවුන් සහ වැඩිහිටි සුනඛයින් වෛරසය බෝ කරන්න පටන් ගන්නවා. මෙයාල රෝග ලක්ෂණ පෙන්නන්නත් කලින් මේක පැතිරෙන්න පටන් ගන්නවා. ඒක ඉතා භයානක වගේම අවාසනාවන්ත තත්වයක්. අපි හිතමු ඔයාලගේ බව්වට පර්වෝ(Parvo Virus) හැදිලා බෙහෙත් දීල හොඳ වුණා කියලා. හොඳ වෙලත් දවස් 10ක් යනකන් මෙයාලා මේ වෛරස් එක පතුරවනවා. ඒ නිසා ඒ පොඩි කාලයට ඔබේ බව්වාව කොහෙවත් නොයවා තියාගන්න. ඒක අනිත් බව්වොන්ට කරන්න උදව්වක්.

මේ වෛරසය කොච්චර භයානකද කියනවානම් බව්වොන්ගේ ශරීරයෙන් පිටතත්, ඒ කියන්නෙ ඔබේ නිවසේ තැන් තැන් වලත් මේ වෛරසය සති ගානක් නොනැසී තියෙන්න පුලුවන්. ඉතින් ඔබේ බව්වාට පාවෝ(Parvo Virus) හැදුනොත් ඔබේ නිවස සම්පූර්ණයෙන් පිරිසිදු කල යුතු වෙනවා.

පාර්වෝ රෝග ලක්ෂණ (Symptoms of Parvo in Puppies)

පාර්වෝ හැදුණු බලු පැටියෙක් ඉතාමත් දුර්වලයි. පහත තියෙන ලක්ෂණ ඔබේ බව්වාගෙනුත් දැක්කොත්, පුලුවන් තරම් ඉක්මනට පශු වෛද්‍යවරයා ළඟට එක්කගෙන යන්න වගබලාගන්න.

  1. ලේවැකි පාචනය
  2. වමනය
  3. උණ
  4. උදාසීනකම
  5. ඇනරෙක්සියා
  6. බර අඩුවීම
  7. දුර්වලකම
  8. විජලනය
  9. මානසික අවපීඩනය

මෙම රෝග ලක්ෂණ ඉතා භයානකයි. ඒ ගැන මොනම වෙලාවකවත් සුලුවෙන්නම් තකන්න එපා. මොකද පර්වෝ නොවුනත් වෙනත් බරපතල රෝගයක ලක්ෂන වෙන්න පුලුවන්.

පාර්වෝ රෝගයට ප්‍රතිකාර කිරීම (Treating Parvo in Puppies)

ඔබේ පශු වෛද්‍යවරයා රෝග ලක්ෂණ වගේම රුධිර සාම්පලයක් පරික්ෂා කරලා තමයි ඔයාගේ බව්වාට පර්වෝද නැද්ද කියල තීරණය කරන්නේ. ඇත්තම තත්වය කිව්වොත් මේ පාර්වෝ සඳහා ප්‍රතිකාර නැහැ. ඔබගේ පශු වෛද්‍යවරයා බව්වාගේ පේන්න තියෙන වමනය, පාචනය, උණ වගේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරයි. ඒ වගේම තමයි බව් පැටියාගේ පෝෂණය ගැනත් උපදෙස් දෙයි.

මේ වයිරස් එක බව්වොන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට ගොඩක් හානි කරනවා. බව්වොන්ගේ සුදු රුධිරාණු අඩු කරලා වෛරස් එක්ක සටන් කරන්න පුලුවන් හැකියාව අඩු කරනවා. ඉතින් මේ වෛරසයෙන් බව්වාගේ උදරය ආශ්‍රිතව ඇති වෙන හානි නිසා එයාට වෙනත් බැක්ටීරියා ආශ්‍රිත රෝග හැදෙන්නත් පුලුවන්. ඒක වලවක්ව ගන්න ඔබේ බව්වාගේ පශු වෛද්‍යවරයා ප්‍රතිජීවක එන්නත් හෝ බෙහෙත් ලබාදේවි.

මේ ලිපිය කියෙව්වාම ඔයාට තේරෙන්න ඇති මෙම පර්වෝ රෝගී තත්වය කොච්චර භයානකද කියලා. ඉතින් ඔයත් බව් පැටියෙක් හදන කෙනෙක්නම්, හදන්න හිතාගෙන ඉන්න කෙනෙක්නම් අපි මේ ලිපියේ කිව්ව විදිහටම පාර්වෝ වලට එරෙහිව දෙන එන්නත් ලබා දීල, බව් පැටියා ගැන අවධානෙන් ඉදලා, එයාව පරිස්සම් කරගන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම වැදගත් ලිපියකින් නැවත හමු වෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *