Cane Corso – කානේ ක්‍රෝසො

අද අපි කතා කරන්නෙ ලංකාවට අලුතින් එකතු වුණු ඩෝග් බ්‍රිඩ් එකක් ගැන. ලෝකෙන් ම බයිට් ෆෝස් එක අතින් 3වෙනි ස්ථානය ගන්නත්, ශක්තිවන්ත සුනඛයින් අතරින් උඩින් ම ඉන්නත් සමත් වෙලා තියෙන ටිකක් සැර, හුඟක් හොඳ බව්වෙක් තමයි කානේ ක්‍රෝසෝ කියන්නේ. රොට්වයලර්ලටත් වඩා දෙගුණයක් සැර Cane Corso ලා ඕනි ම situation එකක දී තමන්ගෙ ජීවිතේ නැති කරගෙන උනත් තමන්ගෙ ගෙදර අයව ආරක්ෂා කරන්න තරම් හොඳ ඩෝග් බ්‍රිඩ් එකක්.

ඉතිහාසය(History)

Cane Corso ලා ග්‍රීක මොලෝෂර්ස්ලාගේ නිර්මාණයක් කියලා තමයි පිළිගැනෙන්නෙ. ඔවුන් මෙයාලා ව වල් ඌරු දඩයමට, වලස්සු දඩයමට තමයි යොදාගෙන තියෙන්නෙ ක්‍රි.ව. 1130 දි රෝමන්වරු ග්‍රීක මොලෝෂර්ස්ලාව attack කරලා මෙයාලව ඉතාලියට ගෙනිච්චා කියලා ඉතිහාසය කියනවා. ඉන් පසුව, රෝමන් හමුදාවේ ඕනි ම යුධ අවස්ථාවක ඉස්සරම ම ඉඳලා තියෙන්නෙ මෙන්න මේ Cane Corsoලා.

Cane Corso

මෙයාලා අතීතයේ ඉඳලා මිනිස්සුන්ගෙ විවිධ කාර්යයන්වලට උපකාර කරමින් මිනිසුන් සමඟ ඉඳියත් Cane Corsoලාව ඩෝග් බ්‍රිඩ් එකක් විදිහට FCI එකෙන් රෙජිස්ටර් කරලා තියෙන්නෙ 1996 දී. ඒ වගේ ම AKC එකෙන් රෙජිස්ටර් කරලා තියෙන්නෙ 2010 දි. ඒ උනත් තාමත් ඒ තරම් ජනප්‍රිය ඩෝග් බ්‍රිඩ් එකක් විදිහට Cane Corsoලාව හඳුන්වන්න නම් බැහැ.

හැඩරුව (Body details)

Cane Corsoලාගේ හැඩරුව ගැන කතා කළොත්, මෙයාලාට කෙටි ලොම් කබායක් තමයි තියෙන්නේ. ඒ නිසා හොඳට නාවලා මාසෙකට දෙපාරක් විතර ලොම් ටික පීරුවහම හොඳටම ඇති. වයස අවුරුදු 10ත් 12ත් අතර කාලයක් ජීවත් වෙන Cane Corsoලාගෙ උස FCI එකට අනුව, අඟල් 23- 27 ½ක් වගේ වෙනවා. ඒ වගේ  බර රාත්තල් 90ත් 120ත් අතර අගයක් ගන්නවා.

Cane Corso බව්වෙක් ගන්නකොට සති 8ක විතර පැටියෙක් ගන්න එක තමයි නිර්දේශ කරන්න පුලුවන්. මොකද, සති 8 වෙද්දි තමයි මෙයාලාගෙ ෆීචර්ස් හරියට ම බලාගන්න පුලුවන් වෙන්නෙ. ඒ වගේ ම Cane Corso පැටියෙක් ගන්නකොට හුඟක් ම වැදගත් දෙයක් තමයි මෙයාලාගෙ අම්මා තාත්තා කොයි වගේද කියලාත් හොයලා බලන එක. Cane Corso පැටියාගේ අම්මා හරි තාත්තා හරි dog shows වලින් දිනපු අය නම් ඒ ජාන Cane Corso පැටියටත් අනිවාර්යයෙන් ම තියෙනවා වගේ ම එයත් හරි ම දක්ෂ, හොඳ විනයක් තියෙන බව්වෙක් වෙනවා කියලා අපිට දැනගන්න පුලුවන්. මේක Cane Corsoලට විතරක් නෙමෙයි අනිත් බව්වෙක්ට උනත් පොදු දෙයක්.

මෙයාලාගෙ ශරීර වර්ණ ගැන කතා කළොත් Black, Fawn, Chestnut Brindle, Black Brindle, Blue Grey වගේ වර්ණවලින් දැකගන්න පුලුවන්.

ව්‍යායාම සහ පුහුණුව(Exercises & Training)

Cane Corso පැටියෙක්ට නම් හුඟක් ව්‍යායාම කරන්න නම් හොඳ නැහැ. එහෙම උනොත් ඒක එයාගෙ පිටිපස්සෙ කකුල්වලට තදින් ම බලපානවා. සාමාන්‍යයෙන් Cane Corso පැටියෙක්ට දවසකට ම විනාඩි 5ක් වගේ ව්‍යායාම කළහම හොඳට ම ඇති කියලා තමයි සුනඛ සංගම්වලින් නිර්දේශ කරලා තියෙන්නෙ.

හැබැයි Cane Corso ලොකු බව්වෙක් නම් දවසකට විනාඩි 15ක්, පැය ½ක් වගේ ව්‍යායාම කරවන්න ඕනි. ඒ කියන්නෙ මාස 18ක් පිරුණට පස්සෙ.

ඒ වගේ ම, Cane Corso කියන්නෙ පුහුණු කරන්න ම ඕනි ඩෝග් බ්‍රිඩ් එකක්. ඒ වගේ ම, මෙයාලාව සමාජගත කරලා ම හදන්න ඕනි. මෙයාලාට සති 16ක් වෙන්න කලින් ඉඳලා සමාජගත කරලා හැදුවෙ නැති උනොත් නම්  ලොකු Cane Corso කෙනෙක් උනහම‍ මෙයාලා හරි ම දරුණු වෙනවා. ඒ නිසා විවිධ සතුන්ව, මිනිස්සුන් ව, වාහන නිතර ම පේන තැනක මෙයාලාගෙ පුහුණු වීම් කරනවානම් එයා හරි ම ඉක්මනට මේ දේවල්වලට පුරුදු වෙනවා.

කෑම(Foods)

Cane Corso කෙනෙක්ට දෙන කෑම ප්‍රමාණය තීරණය වෙන්නෙ එයාට ලබා දෙන ව්‍යායාම ප්‍රමාණයට අනුව.

සාමාන්‍යයෙන් Cane Corso බව්වෙක්ට dog food දෙනවානම් ලාජ් බ්‍රීඩ් එකකට හදලා තියෙන ප්‍රෝටීන් ඩයට් එකක් දෙන්න ඕනි. Cane Corso බව් පැටියෙක්ට නම් හුඟක් ම හොඳයි Premium food දෙනවානම්. ඒ වගේ ම, මෙයාලාට දෙන්න ඔනි කැල්සියම් පොස්පරස් නොදාපු ආහාර. නැත්නම්, පාද ආබාධිත තත්ව හැදෙන්න පුලුවන් සම්භාවිතාවය හුඟක් වැඩි වෙන්න බලනවා.

සෞඛ්‍ය තත්වය (Health)

Cane Corso කෙනෙක්ට හුඟක් වෙලාවට හිප්ස්වල ආබාධ ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ ම, වේගයෙන් ආහාර ගැනීම, ව්‍යායාම කරපු ගමන් ම පැය ½ක් යන්නත් කලින් ආහාර ගැනීම හරි වතුර බීම මඟින් හරි බඩවැල් ඇකිලීම වගේ රෝග තත්වයනුත් මෙයාලට එන්න පුලුවන්. සමහර වෙලාවට මේ තත්වය දරුණු වෙලා මිය ගිය Cane Corsoලා පවා ලෝකෙ ඉන්නවා.ඒ නිසා ඔයාගෙ Cane Corsoගෙ සෞඛ්‍ය තත්වය ගැන ආහාර සහ වතුර ලබා දීමේ දී සැලකිලිමත් වෙන්න ම ඕනි තත්වයක්.

ගතිගුණ සහ හැකියාවන් (Abilities & Personalities)

Cane Corso බව්වෙක් කියන්නෙ කලිනුත් කිව්වා වගේ තමන්ගෙ පවුලෙ අයව ඕනි ම situation එකක දි තමන්ගෙ ජීවිතේ පරිත්‍යාග කරලා උනත් protect කරන පවුලට හරි ම ලැදි බව්වෙක්. ඒ වගේ ම, මෙයාගෙ බයිට් ෆෝස් එකත් හරි ම වැඩියි. සාමාන්‍යයෙන් situation කෙනෙක්ගෙ බයිට් ෆෝස් එක 700 PSI අගයක් ගන්න බව තමයි සුනඛ සංගම් කියන්නෙ. ඉතින් අතීතයේ දී වලස්සු දඩයමට මෙයාපාව යොදාගෙන තියෙන්නෙත් මෙයාලාගෙ තියෙන මේ හැකියාවයි ශක්තියයි නිසා ම යි.

ඒ වගේ ම, Cane Corso බව්වෙක් හරි ම සන්සුන්, නිහඬ ආරක්ෂක බව්වෙක් කියලා හඳුන්වන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි Cane Corso කෙනෙක් ට උණුසුම් සහ සීතල කියන දේශගුණික පරිසර දෙකේ ම කිසි ම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්නත් හැකියාව තියෙනවා.

ඉතින් ඔයා හොයන්නෙ හුරතලයට වගේ ම පවුලෙ අරක්ෂාවටත් හදන්න පුලුවන්,පවුලට හුඟක් ලැදි බව්වෙක් නම් Cane Corso තමයි ඒකට ගැළපෙන, හොඳ ම ඩෝග් බ්‍රිඩ් එක.

මේ වගේ අලුත් විස්තර දැනගන්න අපිත් එක්ක දිගට ම රැඳිලා ඉන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *