Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124

අද අපි කතා කරන්න යන්නෙ තවත් විශේෂ පූවෙක් ගැන. ඒ තමයි Bengal Cat. කවුද ඇත්තට ම මේ අපූරු සුරතලා? Bengal Cat එහෙමත් නැතිනම් බෙංගාල පූසා කියලා හඳුන්වන පූවො වර්ග දෙකක් ඉන්නවා. එක්කෙනෙක් ගෙදර සුරතලයට ඇති කරන ගෘහස්ථ පූවෙක්. අනිත් කෙනා තමයි දකුණූ සහ නැගෙනහිර ආසියානු කලාපවල ජීවත්වන විලෝපිකයා. ඉතින් අපි අද කතාකරන්නෙ ගෙදර සුරතලයට හදන සුරතල් Bengal Cat ගැන යි.
වල් බෙංගාල බළලා මුල් ම වරට හීලෑ කරගත්තෙ මීට වසර 5,000කට පෙර දි කියලා තමයි සඳහන් වෙන්නෙ. චීන කලාපයේ ෂැන්සි සහ හෙනන් යන ප්‍රදේශවල සිදුකරපු පුරාවිද්‍යාත්මක සමීක්ෂණවලින් පුරාවෘත්තය තහවුරු වෙලා තියෙනවා. ඒ වගේ ම, දිවි බළලෙකු ගෘහස්ථ බළලෙකු බවට පත්වුණු දෙවන අවස්ථාව 20වන සියවසේ 80 දශකයේ දී කියලයි ඉතිහාසයේ සඳහන් වෙන්නෙ.
බෙල් එග්ලර්ඩ් කියන විද්‍යාඥයාට තමයි මුලින් ම බෙංගාල පූවෙක් ලෝකෙට දායාද කරන්න අවශ්‍යයි කියන අදහස් ඇවිත් තියෙන්නෙ. නමුත් ඔහුට තමන්ගෙ ආසාව නම් ඉෂ්ට කරගන්න වෙලා නැහැ. බෙල් මිය ගියාට පස්සෙ ඔහු නවත්වපු තැනින් නැවතත් ඩග්ලස් කියන විද්‍යාඥයෙක් පර්යේෂණ කරන් ගිහින් තියෙනවා කියලා ඉතිහාස කතාවල සඳහන් වෙනවා. හැබැයි ඩග්ලස්ටත් බෙංගාල පූවෙක් නිර්මාණ කරන්න නම් අවස්ථාව උදා වෙන්නෙ නැහැ. අවසානයේ දී, 1980 දි ඇමෙරිකානු සත්ව විද්‍යාඥ මිල් ජේන්ගේ පර්යේෂණවලින් පසුව, බෙංගාල වල් බළලෙකුගේ සහ ගෘහස්ථ බළලෙකුගේ දෙමුහුමකින් දැන් මේ අපේ ගෙවල්වල හරි ම ලස්සනට හදන ගෘහස්ථ බෙංගාල බළලාව නිර්මාණය කරලා තියෙනවා. බෙංගාල බළලා ලෙස හැඳින්වෙන දෙමුහුන් වර්ගයක් බොහෝ ෆෙලිනොජිකල් සංවිධාන විසින් ස්වාධීන අභිජනනයක් ලෙසත් හඳුනාගෙන තියෙනවා.
කලිනුත් කිව්වා වගේ Bengal Catලා දෙන්නගෙ ම ලාක්ෂණික වර්ණය නිසා මෙයාලා දෙන්නව ම දිවි බළලුන් කියලා හඳුන්වනවා.
ගෘහස්ථ බෙංගාල පූවාගෙ පුංචි හිස මත අඳුරු හා කුඩා ඉරි පිහිටලා තියෙනවා. ඒ වගේ ම මෙයාලගේ පපුව සහ උදරය සුදු පාටයි.
ලොම්වල සාමාන්‍ය පසුබිම කහ-දුඹුරු පාටක් ගන්නවා. ශරීරය සහ අත් පා විවිධ වර්ණ හා විවිධ ප්‍රමාණවලින් එකිනෙකට වෙනස් වුණු ලපවලින් තමයි හැඩ වෙලා තියෙන්නෙ. බෙංගාල පූවෙක්ගෙ පිටුපසින් දිගටි ලප පේළි 2-4ක් වගේ පිහිටලා තියෙනවා දකින්නත් පුලුවන්.
මෙයාලගෙ වලිගය ගැන කතා කළොත්, වලිගය මධ්‍යම දිගකින් යුක්ත වෙනවා. ඒ වගේ ම ඒ මධ්‍යම ප්‍රමාණයේ වලිගය නොපැහැදිලි මුදු කිහිපයකින් ආවරණය වෙලා කලු පාටකින් අවසන් වෙනවා.
විශේෂයෙන් ම කියන්න ඕනි බෙංගාල පූවෙක්ට තියෙන්නෙ දිවියෙක්ගෙ කෝට් එකේ ස්වරූපය ම යි. මෙයාලටෙග ප්‍රධාන වශයෙන් ම කෝට් Colors 3ක් දැකගන්න පුලුවන් වෙනවා. ඒ,
කියන වර්ණ තුන. හැබැයි, අභිජනනය වෙච්ච මේ බෙංගාල පූවොන්ගෙ හැඩයන් සහ වර්ණයන් එකිනෙකට වෙනස් වෙච්ච දිවි රටා මවනවා. ඒ අනුව මෙයාලගෙ වර්ණ 10ක් විතර ලෝකය පුරා විසිරිල තියෙනවා.මෙයාලගෙ ගතිගුණ මේ කෝට් එකේ වර්ණය එක්ක වෙසන් වීමක් සිදුවෙන්නෙ නැහැ. එයාා හැමෝට ම එක ම ගතිගුණ තමයි පිහිටලා තියෙන්නෙ.
ඒ වගේ ම, මෙයාලට සිල්ක් කබායක් එයාලාගෙ බූල් සූට් එකේ පිහිටලා තියෙනවා.
මෙයාලගෙ ඇස්වල වර්ණය ගැන කතා කළොත් විශේෂයෙන් ම වර්ණ 2ක් විතරයි දැකගන්නට ලැබෙන්නෙ. ඒ, Green color සහ Gold color යන වර්ණ දෙක.
පිරිමි Bengal Cat කෙනෙක් 4 ½- 7Kg බරකුත්, ගැහැනු Bengal Cat කෙනෙක් 5 ½- 6 ½Kg වගේ බරක් තමයි උසුලන්නෙ. ඒ වගේ ම, මෙයාලගෙ ආයු කාලය අවුරුදු 12-14 අතර දක්වා කාලයක් ගන්නවා.
Bengal Cat කියන්නෙ අනෙක් පූසන්ට වඩා ප්‍රතිශක්තීකරණය අතින් ඉහළින් ඉන්න පූවෙක්. ඒ නිසා මෙයාලට ලෙඩ හැදෙනවා හරි ම අඩුයි. මෙයාලගෙ Blood type එක ගැනත් කියන්න ම ඕනි.අනිත් පූවොන්ට සාමාන්‍යයෙන් හැම Blood type එකක් ම තිබුණත් Bengal Catලට තියෙන්නෙ A, B, AB, A+ කියන ලේ වර්ග විතරයි. මෙයිනුත් වැඩිපුර ම A වර්ගයේ ලේ තමයි Bengal Catලට තියෙන්නෙ කියලා පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා.
කෑම ගැන කතා කළොත් මෙයාලට ම වෙන් වෙච්ච කෑම තියෙනවා Bengal cat food කියලා. ඒ වගේ ම, මෙයාලට Dry food දෙන්නත් පුලුවන්. හැබැයි හුඟක් ම මේ පූවො කැමතියි අමු චිකන් සහ මාලු වගේ ආහාර කන්න. ඒක ඉතින් මෙයාලගෙ බ්‍රීඩ් එකේ අභිජනනයේ ම ප්‍රතිඵලයක් තමයි.
Bengal Cat කෙනෙක්ගෙ ව්‍යායාම ගැන කතා කරද්දි මෙයාලා පුහුණු කරන්න හරි ම පහසු පූවෙක් කියලා කියන්න පුලුවන්. ඒ වගේ ම, මෙයාලට අමුතුවෙන් ව්‍යායාම කරවන්න අවශ්‍ය නැහැ. මෙයාලා නිතර ම එහෙට මෙහෙට දුව දුව හරිම සෙල්ලමෙන් දවස ම ගත කරන නිසා. අනිත් පූසන්ට වගේ මහන්සියක් දනෙන්නෙ නැහැ මෙයාලට. මෙයාලා හරි ම active පූවො ජාතියක්.
Bengal Cat කියන්නෙ හරි ම බුද්ධි මත් බළල් විශේෂයක් කියලා හඳුන්වන්න පුලුවන්. මොකද, අනෙක් පූසන්ට සාපේක්ෂ ව මෙයාලට කියන දෙයක් මතක තියාගන්න සහ තමන්ගෙ අයිතිකාරයන්ගෙ ස්වභාවය තේරුම් ගන්න පුලුවන් විශේෂ හැකියාවක් මෙයාලට තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා දුකෙන් ඉන්නවා නම් ඒක දැනගන්න ඔයාලගෙ Bengal Catට පුලුවන්. ඒ වගේ ම, මෙයාලට හොඳ මතකයක් තියෙනවා. නරක වැඩක් කරන්න එපා කියලා මෙයාට සැර කළොත් හරි කෝටුවකින් එක පාරක් ගැහුවොත් හරි මෙයා ඒක මුලු ජීවිත කාලෙ ම නොකර ඉන්න තරම් එයාගෙ මතකය ප්‍රබලයි වගේ ම, එයා බුද්ධිමත්.
Bengal පුවො හරි ම විනෝදකාමී පූසො ජාතියක් කියලා තමයි හඳුන්වන්නෙ. මොකද මෙයාලා හැම වෙලේ ම සෙල්ලම් කරන්න තමයි කැමති. ඒ වගේ ම, මෙයාලගෙ තවත් විශේෂයක් තමයි මෙයා ඉපදිච්ච දවසෙ ම ඇවිදින පූවෙක්. ඉතින් හිතාගන්න පුලුවන් නේද මෙයා කොච්චර සෙල්ලක්කාරද කියලා. ඔන්න ඉතින් ඔයත් හොයන්නෙ හරි ම සෙල්ලක්කාර විනෝදකාමී සුරතලෙක් නම් ඔයාට හරියන ම පූවා තමයි Bengal Catකියන්නෙ. ඒ වගේ ම, 2019 දී ජනප්‍රියතම බළල් වර්ගය විදිහට ජාත්‍යන්තර සම්මානය දිනලා තියෙන්නෙත් මේ අපි දැන් කතා කරන Bengal Cat ම තමයි.
එහෙනන් තවත් සුරතලුන් හුඟක් ගැන විස්තර අරගෙන අපි ආයෙමත් හමුවෙමු..