Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124

අපි සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි අපි කන කෑම ජාති, අපි කිව්වෙ මිනිස්සු කන කෑම ජාති බව්වොන්ටත් දෙන එක. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අපි මතක තියාගන්න ඕන බවුවොන්ගේ ආහාර ජීරණ පද්ධතිය අපේ ආහාර ජීරණ පද්ධතියට වඩා වෙනස් කියන එක. මේ වෙනස නිසා අපි කරන සමහර කෑම බවුවොන්ට දෙන එකනම් කොහෙත්ම හොඳ නැති වැඩක්. එහෙම කරන එකෙන් ඔයාගේ බවුවා ලෙඩ වෙන්න පුලුවන්. ඉතින් අද අපි බලමු අපි එදිනෙදා භාවිතා කරන ආහාර වර්ග වලින් බවුවොන්ට දෙන්න හොඳ කෑම වර්ග මොනවාද? ඒව දෙන්න ඕන කොහොමද කියලා.
කැරට් බවුවොන්ට ඉතාමත් ගුණදායී කෑමක්. කැරට් කන්න දෙන එකෙන් බව්වොන්ගේ දන්ත සෞඛය යහපත් වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. කැරට් වල තියෙනව විටමින් A . විටමින් A ලැබුනොත් බවුවොන්ට විස වෙන්න පුලුවන්. එනිසා සාමාන්‍ය ප්‍රමාණයෙන් දෙන එක තමයි කරන්න ඕන.
ඇපල් වල තියෙන විටමින් A සහ C බව්වොන්ට ගොඩක් හොඳයි. ඒ විතරක් නෙවෙයි ඇපල් වල තියෙන කෙඳි බව නිසා ඇපල් කන්න දෙන එකෙන් බවුවොන්ගේ ආහාර ජීරණ පද්ධතිය යහපත් වෙන්න උපකාරී වෙනවා. හැබැයි නරක් වුණ ඇපල්නම් කවදාවත් දෙන්න හිතන්නවත් එපා. බවුවොන්ට නරක් වුන ඇපල් විස වෙන්න පුලුවන්.
බත් බව්වොන්ට හොඳ කෑමක්. එයාලගේ බන්ඩියේ සෞඛ්‍යට බත් ගොඩක් උදව් වෙන්වා. හැබැයි අපි දන්නවනේ ඕනවට වඩා බත් කන එක මිනිස්සු වුන අපටත් හොඳ නැහැ කියලා. බවුවොන්ටත් ඒ කාරණය එසේම බලපානවා. සුදු බත් ලේ වල සීනි මට්ටම වැඩි කරන නිසා ඔයාගේ බව්වට දියවැඩියාව තියෙනවනම් බත් ඉතාම කුඩා ප්‍රමාණයක් දෙන්න වගබලාගන්න.
දියර කිරි, චීස්, යෝගට් වගේ දේවල් කිරි සහිත ආහාර වලට අයත් වෙනවා. මේවනම් බව්වොන්ට දෙන්න ඕන ඉතාම කුඩා ප්‍රමාණයකින්. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. ගොඩක් කිරි සහිත ආහාර ගත්තම බවුවොන්ට අහාර ජීරණ පද්ධතියේ ලෙඩ රෝග ඇති වෙන්න පුලුවන්. ඒ වගේම තමයි සමහර බවුවොන්ට මේ කිරි සහිත ආහර දිරවා ගැනීමේ ප්‍රශ්න තියෙනවා. ඔයාගේ බව්වා මේ කිරි සහිත කෑම ගත්තම වමනේ දානවනම්, එහෙමත් නැත්නම් පාචනය වගේ හැදෙනවානම් එයාට කිරි සහිත කෑම දෙන එක අඩු කරන්න.
සැමන්, ඉස්සෝ සහ ටූන ෆිශ් වගේ ආහාර බවුවොන්ට ගොඩක් ගුණයි. මොකද මේවගේ අඩංගු ප්‍රෝටීන් ප්‍රතිශතය වැඩි නිසා. ඒ වගේම තමයි සැමන් සහ ටූන මාළුන්ගේ තියෙන omega-3 fatty acids බවුවොන්ගේ ප්‍රතිශතිය වැඩි කරන්වා වගේම මෙයාලගේ හම සහ ලොම් ආවරණය නිරෝගීව තියන්න උපකාරී වෙනවා. ඉස්සෝ කියන්නේ විටමින් B බහුල කෑමක්. ඉතින් ඉස්සො කන එක බවුවොන්ගේ ආහාර ජීරණ පද්ධතිය නිවැරදි විදිහට ක්‍රියාකරන්න උදව් වෙනවා. ඒ විරක් නෙවෙයි එයාගේ ලේ ගමනා ගමනයත් ක්‍රමවත් කරනවා.
හැබැයි මතක තියාගන්න මේ මාළු වර්ග ආශ්‍රිත කෑම අමුවෙන්නම් දෙන්න එපා. අනිවාර්යෙන්ම උයලා හෝ බැදලා දෙන්න. මොකද අමු මාළු වල පරපෝෂිත සත්තු ඉන්න පුලුවන්
චිකන් ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. අපේ බවු මහත්තුරු නෝනලා කැමතිම කෑමක්නේ. අමුවෙන් හරි තම්බලා හරි කුළු බඩු නැතුව දෙනවනම් වඩාත් හොඳයි.
ලුණු, සීනි හෝ කිසිම රසකාරක ද්‍රව්‍යක් අඩංගු නොකරපු පීනට් බටර් පොඩි ප්‍රමාණයක් බව්වොන්ට ප්‍රමාණවත්. පීනට් බටර් වල අඩංගු විටමින් E සහ B, සෞඛ්‍ය ආරක්ෂිත මේදය වගේම ප්‍රෝටීන් බව්වොන්ට ගොඩක් හොඳයි. හැබැයි ඔබ දෙන්න යන පීනට් බටර් හි xylitol කියන රසකාරකය අඩංගු වෙනවාද කියන එක සැලකිල්ලෙන් බලන්න. මොකද xylitol බව්වොන්ට ගොඩක් විසයි. ඉතින් වැරදීමකින් හෝ ඔයාගෙ බව්වට xylitol අඩංගු පීනට් බටර් දුන්නොත් වහාම ඔයාගෙ පශු වෛද්‍යවරයාට කතා කරලා උපදෙස් ගන්න.
අපි සෙල්ලමට වගේ අපේ බවුවොන්ට පොප් කොර්න් දුන්නට අපි සැලකිලිමත් වෙන්න ඕන සීනි, ලුණු හෝ බටර් මේවට අඩංගු නොකර දෙන්න. ඒවා අඩංගු නැත්නම් පොප් කෝර්න් බවුවොන්ට ඉතාමත් ගුණදායකයි. මැග්නීසියම්(magnesium), පොස්පරස්(phosphorus), සහ සින්ක්(zinc) වගේ ඔයාගේ බවු පැටියව සෞඛය සම්පන්නව තියන්න අවශ්‍ය ගොඩක් දේවල් පොප් කොර්න් වල අඩංගු වෙනවා. හැබැයි හදපු නැති පොප් කොර්න් නම් දෙන්න එපා බවුවො ඒවා උගුරේ හිර කරගන්න පුලුවන්.
අපි බව්වොන්ට දෙන්න උයපු සහ කුලුබඩු අඩංගු නොවුන ඌරු මස්. ඒවගේම පොඩි ප්‍රමාණයක් තමයි දෙන්න ඕන. ඌරු මස් වල ලොකු මේද ප්‍රතිශතයක් අඩංගු වෙනවා. ඒනිසා බවුවොන්ට ඌරු මස් දිරවාගැනීමේ ප්‍රශ්නයක් එන්න පුලුවන්. බේකන්, හැම් වගේ දේවල් නම් ඔයාගේ බවුවට දෙන්නම එපා. ඒකට හේතුව තමයි ඒවගේ බවුවොන්ට අහිතකර තරම් ලුණු ප්‍රමාණයක් අඩංගු වීම.
ලංකාවෙනම් වැඩිය හොයාගන්න බැරි උනත් ඔයා ඔයාගෙ බවුවට කළුකුම් මස් දෙනවනම් අනිවාර්යෙන් ඌරු මස් වගේම උයලා දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම කිසිම කුළුබඩුවක් එකතු කරන්නත් එපා. ඔයා බවුවොට ඩෝග් ෆුඩ්(Dog food) දෙනවානම් ගොඩක් වෙලාවට මේ කළුකුම් මස් ඒවගේ අඩංගු වෙනවා. ඒකට හේතුව හොඳ ප්‍රෝටින් ප්‍රතිශතයක් කළුකුම් මස් වල අඩංගු වීමයි. ඒ වගේම කළුකුම් මස් උයනකොට අනිවාර්යෙන් අනවශ්‍ය මේදය අයින් කරන්න මතක තියාගන්න. නැත්නම් අනවශ්‍ය තරම් වූ මේදය ඔයාගෙ බවුවගේ අග්න්‍යාශයට(pancreas) හානි කරන්න පුලුවන්.
ඉදලා හිටලා ඔයාගෙ බවුවට කෙසෙල් දුන්නට ප්‍රශ්නයක් නැහැ. කෙසෙල් වල අඩංගු මැග්නීසියම්(magnesium) ඔයාගේ බවුවගේ ඇටකටු(Bones) වල ශක්තිමත් බාවයට ගොඩක් හිතකරයි. හැබැයි වැඩි ප්‍රමාණයක්නම් දෙන්න එපා. මොකද කෙසෙල් වල සීනි ප්‍රතිශතය වැඩියි.
විටමින් K ඇතුළුව විටමින් වර්ග සහ පෝෂ්‍ය කොටස් අඩංගු වෙන නිසා පිපිඤ්ඤා ඔයාගේ බවුවට ගොඩක් හොඳ කෑමක්. ඒවගේම අඩු කැලරි ප්‍රතිශතය නිසා පිපිඤ්ඤා ඔයාගෙ බවුවට අමතර ආහාරයක් විදිහටත් දෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔයාගෙ බවුවගේ බර වැඩිනම් පිපිඤ්ඤා දෙන එක පශු වෛද්‍යවරු පවා නිර්දේශ කරන කෑමක්.
පිපිඤ්ඤා වගේම බෝංචිත් අමතර ආහාරයක් විදිහට ගොඩක් හොඳ ආහාරයක්. විටමින් K, කැල්සියම්, යකඩ වගේම ප්‍රෝටීන්ද අඩංගු වන නිසා බෝංචි ඔයාගෙ බව්වට ගොඩක් ගුණ දායක කෑමක් වේවි. බෝංචි උයලා හෝ අමුවෙන් දෙන්න පුලුවන්. හැබැයි උයනවනම් කිසිම කුළුබඩු වර්ගයක් එකතු කරන්න එපා. ඒ වගේම බෝංචි කපලා දෙන්නෙ නැතුව ඉන්නවනම් වඩාත් හොඳයි. මොකද බවුවෝ කපපු බෝංචි කෑලි උගුරේ හිරකරගන්න පුලුවන්.
කොමඩු ඔයාගෙ බවුවට ආරක්ෂිත කෑමක්. හැබැයි කොමඩු දෙනකොට ඒවගේ තියෙන ඇට අයින් කරලා දෙන්න අමතක කරන්න එපා. මොකද කොමඩු ඇට බවුවොන්ගේ බඩවැල් අවහිර කරන්න පුලුවන් නිසයි. කොමඩු වල ජලය ප්‍රතිශතය ඉතාමත් වැඩියි. ඔයාගෙ බවුවාව සජල(hydrate) කරන්න ඒක උදවු වෙනවා. ඒ වගේම විටමින් A, C සහ B-6 වගේ විටමින් වර්ගත් කොමඩු වල අඩංගු වෙනවා.
ඉතින් අද අපි කතා කලේ ඔයාගේ බවුවාට දෙන්න පුලුවන් අපි එදිනෙදා කන කෑම වර්ග ගැන. ඔයාගේ බවුවට දෙන්න හොඳ නැති කෑම වර්ග සහ ඇයි ඒ හොඳ නැති වෙන්නේ කියලා දැනගන්න මේ ලිපිය බලන්න. ඒ වගේම ඔයාගේ බවුවට හොඳ Dog food එකක් තෝරගන්නේ කොහොමද කියලත් අපි ඉස්සරහට කතා කරමු.
[…] ආරක්ෂිත කෑම වර්ග ගැන. ඒ ගැන විස්තර මෙතනින් බලන්න පුලුවන්. ඉතින් අද අපි කතා කරන්න අපේ බවුවන්ට […]